හතරලියද්ද ජාතික පාසල

ළමා දින සැමරුම් වැඩසටහන

තඹරවිල සාහිත්‍ය මහෝත්සවය

441491217_889041473028597_8389199272359837833_n.jpg
441491217_889041473028597_8389199272359837833_n.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ජේ.ආර්.අශෝක අමරසිරි රාජපක්ෂ මයා

ඉගෙනීම යනු ජීවිත කාලය පුරාවටම සිදුවන ක්‍රියාවලියකි. දෙමාපියන් විසින් දරුවන් පාසල වෙත යොමු කරවන්නේ සුවහසක් වූ බලාපොරොත්තු සහිතවය. පාසැලක් මගින් එකී සමාජයේ අනාගත  නියමුවන් මෙන්ම අනාගත පරපුර නිර්මාණය කෙරේ. සිසු දරු දැරියන්ගේ ප්‍රජානන, ආවේදන, මනෝචාලක යන මූලික කුසලතා මෙන්ම අන්තර් පුද්ගල සබඳතා, සන්නිවේදනය, පෞරුෂය හැඩගැස්වීම, යහ ගුණාංග වර්ධනය කිරීම, සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව ලබාදීම,  ස්ථානෝචිතව ගැටළු විසඳාගැනීම වැනි විවිධ කුසලතා පාසල මගින් සකස් කෙරේ. 

හතරලියද්ද ජාතික පාසලේ අපේක්‍ෂාවද ඉහත කී කුසලතා අත්කර දීම මෙන්ම ගුණ නැණ බෙලෙන් යුතු පරපුරක් නිර්මාණය කිරීමය. ඒ සඳහා පාසලේ කාර්ය මණ්ඩලයේ ගන්නා වෙහෙස මා ඉතා අගය කොට සලකමී. දිනෙක ලෝකයේ බැබලෙන පුරවැසියන් වීමට හතරලියද්ද ජාතික පාසලේ සිසු දරු දැරියන්ට හැකිවේවායි! මා සුභාශී‍ෂණය කරමී.

ජේ.ආර්.අශෝක අමරසිරි රාජපක්ෂ මයා
නියෝජ්‍ය විදුහල්පති
හතරලියද්ද ජාතික පාසල.