කන්ද උඩරට ප්‍රදේශය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වී බොහෝ කලකට පසුව ඉංග්‍රීසි පාලනය යටතේ ගමේ පාසල් හෝ ස්වබෂා පාසල් නමින් හදින්වූ සංකල්පය යටතේ හත්තරලිය්ද්ද හා ඒ අවට ළමයින්ගේ අධපනය උදෙසා 1901 වර්ෂයේදී හතරලියද්දේ පිරිමි පාසලත් ගැහැණු පාසලත් ආරම්භ විය . මෙහි පිරිමි පාසල වැලිගොඩපොළ වර්ථමාන ආයුර්වේදය පිහිටා ඇති ස්ථානයේද ගැහැණු පාසල දැනට හතරලියද්ද ප්‍රාථමික පාසල පිහිටා ඇති ස්ථානයේද පිහිටා තිබිණ . පිරිමි පාසලේ ප්‍රථම මුල් ගුරුවරිය රණරාජා නෝනා නම් වූ බව පැවසේ . මෙම විදුහල්වල හෝඩියේ සිට 8 වන පන්තිය දක්වා පන්ති පැවැත් වුන බව කියවේ .
මෙම පිරිමි හා ගැහැණු පාසල් එකාබද්ධ කොට වර්ෂ 1956 දී දැනට හතරලියද්ද ජාතික පාසල පිහිටා ඇති ස්ථානයේ ආරම්භ කරන ලද හතරලියද්ද ජාතික විද්‍යාලය වර්තමාන හතරලියද්ද ජාතික පාසලෙහි මූලාරම්භය විය . මේ සදහා පුරෝගාමී වී ඇත්තේ එකල සෞඛය ඇමතිව සිටි ඊ.එස්.නුගවෙල මැතිතුමාය.
1956 ජනවාරි මස 03 වන දින සර් ජෝන් කොතලාවල මැතිතුමා විසින් හතරලියද්ද විද්‍යාලය විවෘත කරලා ලද අතර එදින එතුමා විසින් රෝපණය කරලා ලද සල් පැලය මහා සල් ගසක් වී දිගු ඉතිහාසයක පෞඩත්වය විදහා පාමින් අද ද විදුහල් භුමියෙහි සාඩම්බර විලාසයෙන් වැජබේ. ආරම්බක ශිෂ්‍ය සංඛ්‍යාව 180 කින්ද ආරම්භක ගුරු මණ්ඩලය 08 දෙනෙකුගෙන්ද සමන්විත වූ මෙම විදුහලේ ප්‍රථම විදුහල්පති වරයා වුයේ ඒ.ඩබ්.බී.තෙන්නකෝන් මහතාය. 1986 සැප්තැම්බර් මස 10 දින පාසල් 15 ට අයත්වන සේ හතරලියද්ද පර්ෂද මූලස්ථාන විද්‍යාලය ලෙස නම් කෙරිණි. පර්ෂද විදුහල්පති ලෙස එස්.බී.වීරසෙකර මහතා කටයුතු කර ඇත. 1999 ඔක්තෝබර් 10 දින ග්‍රාමීය පාසල් සංවර්දනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙමෙ විදුහල ජාතික පාසලක් බවට උසස් කර ඇත.
1901 - හතරලියද්ද ජේෂ්ඨ පාඨශාලාව
1956 - හතරලියද්ද මධ්‍ය විද්‍යාලය
1986 - හතරලියද්ද පර්ෂද මූලස්ථානය
1999 - හතරලියද්ද ජාතික පාසල
2013 - 1 AB සුපිරි ජාතික පාසල





